මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩිව කතා බහට ලක්ව ඇති පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් කණ්ඩායමේ නායක සල්මන් අලි ආගා අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියා.
ඒ හෙට (15) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරගයට ප්‍රථම දෙරටේ නායකයින් සහභාගී වූ මාධ්‍ය හමුවේදීයි.
එහිදී මාධ්‍යවේදීන් විසින් උස්මාන් තාරික්ගේ මෙම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පාකිස්ථාන නායකයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු පවසා සිටියේ උස්මාන්ගේ එම පන්දු යැවීමේ කිසිදු ප්‍රශ්න සහගත තත්ත්වයක් නොමැති බවයි.
උස්මාන් තාරික්ගේ මෙම පන්දු යැවීම දෙවරක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පරීක්ෂාවට භාජනය කර ඇති බවත් එහිදී කිසිදු පන්දු දමා ගැසීමක් පිළිබඳ වාර්තා නොවූ බවත් පාකිස්ථාන නායකයා පවසනවා.
උස්මාන් තාරික් පාකිස්ථාන පන්දු යැවීමේ බළඇණියේ ප්‍රධාන තුරුම්පුවක් බවත් පහු මේ වන විට හොඳින් පන්දු යවමින් සිටින බවත් සල්මන් අලි වැඩිදුරටත් පවසා සිටියා.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න