ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර හතරකට ආසන්න කාලයක් සුවිශේෂී සේවාවක් ඉටුකළ හිටපු එංගලන්ත ක්‍රීඩක ජොනතන් ට්‍රොට්ගේ (Jonathan Trott) ධුර කාලය මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වේ.
ඒ අනුව ඊයේ (19) චෙන්නායිහිදී කැනඩාවට එරෙහිව පැවැති තරගය ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් සිය සේවය ලබාදුන් අවසන් තරගය ලෙස සටහන් විය.
2022 ජූලි මාසයේදී වගකීම භාරගත් ට්‍රොට්, ඇෆ්ගනිස්තාන කණ්ඩායම හුදෙක් ‘දඟ පන්දු යවන්නන් මත යැපෙන’ කණ්ඩායමක සිට ලොව ඕනෑම ප්‍රබල කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමට ඔසවා තැබීය. ඔහුගේ මඟපෙන්වීම යටතේ 2024 විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටත්, පාකිස්ථානය, එංගලන්තය වැනි රටවල් පරාජය කිරීමටත් ඇෆ්ගන් කණ්ඩායමට හැකි විය.
ජොනතන් ට්‍රොට්ගේ සේවය අගයමින් නායක රෂීඩ් ඛාන් පවසා සිටියේ ට්‍රොට් යනු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින ඉහළ මට්ටමට ගෙන ඒමට මූලික වූ ප්‍රධානතම චරිතය බවයි.
“අපි ඔහු සමඟ විශිෂ්ට ගමනක් ආවා. සෑම ක්‍රීඩකයෙකු වෙනුවෙන්ම ඔහු දැක්වූ කැපවීම සහ මඟපෙන්වීම අතිවිශිෂ්ටයි. ඔහු කණ්ඩායම නිවැරදි මාවතට ගෙන යාමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. අනිවාර්යයෙන්ම අපිට ඔහුව ගොඩක් මතක් වේවි.” යනුවෙන් රෂීඩ් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ලෝක කුසලානයේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට නොහැකි වුවද, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් හමුවේ ප්‍රබල සටනක් දීමට ඔවුන් සමත් විය. ට්‍රොට්ගේ නික්මයාමත් සමඟ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්ෂේත්රයේ සාර්ථක පරිච්ඡේදයක් නිමාවට පත්වේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න