ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් නොඉවසිල්ලෙන් බලා සිටි එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන 2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන (24) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කළේය.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රබල කණ්ඩායම් 12ක් තරග වදින අතර, මුළු මහත් ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගනිමින් තරගාවලියේ මංගල තරගය ජුනි මස 12 වනදා සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. ලෝක කුසලාන ගමනේ ආරම්භයේදීම ප්‍රබල එංගලන්තයට එරෙහිව පිටියට පිවිසීමට ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිය ශක්තිය ලොවටම පෙන්වීමට ලැබෙන දැවැන්ත අභියෝගයක් මෙන්ම අවස්ථාවක් වනු ඇත.
මෙවර තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, ‘A’ කාණ්ඩයෙන් වත්මන් ශූරියන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්තානය වැනි ප්‍රබල කණ්ඩායම් ගැටෙනු ඇත.
ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇති ‘B’ කාණ්ඩය තුළ සත්කාරක එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය වැනි කණ්ඩායම් සිටීම නිසා අවසන් පූර්ව වටය සඳහා වන සටන අතිශය උණුසුම් වනු නිසැකය. සති තුනකට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම ක්‍රිකට් සැණකෙළියේ උච්චතම අවස්ථාව වන අවසන් මහා තරගය ජූලි මස 05 වනදා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මූලස්ථානය ලෙස සැලකෙන ලන්ඩනයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න