Menu

ලොකු ක්‍රිකට් පරදිනකොට, පොඩි ක්‍රිකට් හිස ඔසවයි! ඉදිරියට සුබ ලකුණු

224

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (27) උත්කර්ෂවත් ලෙස ආරම්භ වූ 96 වැනි ආනන්ද – නාලන්දා “සුලෝහිත සංග්‍රාමයේ” පළමු දිනයේදීම ප්‍රබල ආනන්ද පිතිකරුවෙකු වූ නෙතුල එදිරිමාන්න විශිෂ්ට ශතකයකින් ක්‍රීඩාංගණය උණුසුම් කිරීමට සමත් විය. සිය පාසල වෙනුවෙන් නොසැලෙන ඉනිමක් දියත් කළ නෙතුල පන්දු 198කදී මෙම ශතකය සම්පූර්ණ කළේ ආනන්ද විද්‍යාලයට ශක්තිමත් පදනමක් දමා දෙමිනි.

ඔහුගේ මෙම ඉනිම හේතුවෙන් තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාලය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 212ක් වැනි සතුටුදායක මට්ටමක පසුවෙයි.

ආනන්ද පිතිකරණ ලැයිස්තුවේ අනෙකුත් ක්‍රීඩකයින් ද සිය දායකත්වය මනාව ලබා දුන් අතර, දනිඳු සෙල්ලපෙරුම ලකුණු 33ක් ද, ශාරද ජයරත්න ලකුණු 37ක් සහ හිමිර කුඩාගම ලකුණු 24ක් ද බැගින් රැස් කරමින් නෙතුලට මනා සහයක් ලබා දුන්හ.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේදී ඔසඳ පමුදිත ආනන්ද පිලේ කඩුලු 2ක් දවාගනිමින් යම් අභියෝගයක් එල්ල කිරීමට උත්සාහ කළේය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම ඓතිහාසික ක්‍රිකට් මහා සංග්‍රාමයේ දෙවන දිනය අද (28) .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *