පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (28) රාත්‍රී 7.00ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී අවසන් වුවද, අද පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තරගය සමස්ත තරගාවලියේම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් එංගලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීමත් සමඟ, පාකිස්ථානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් විවෘත වී ඇති බැවින් අද තරගය ඔවුන්ට “ජයග්‍රහණය අත්‍යවශ්‍ය” සටනක් වනු ඇත.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ සුවිශේෂී වෙනසක් සිදු වීමට නියමිත අතර, මස්පිඩු ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ප්‍රබල ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. ඔහු වෙනුවට කඩුලු රකින්නා ලෙස තරුණ ක්‍රීඩක කමිල් මිෂාර කණ්ඩායමට එක්වීමට නියමිතය.
ඊයේ රාත්‍රියේ එංගලන්තය ලැබූ කඩුලු 4ක ජයග්‍රහණය නොවන්නට පාකිස්ථානයට අද තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැරීමට සිදුවීමට ඉඩ තිබුණි. එබැවින් තමන්ට අහිමි වූ ලෝක කුසලාන සිහිනය හමුවේ වුවද, පාකිස්ථානයට දැඩි අභියෝගයක් එල්ල කරමින් තරගාවලිය ගෞරවාන්විතව නිමා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අද රාත්‍රියේ එකම අරමුණ වනු ඇත.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න