ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් ක්‍රිකට් ලෝලීන් පිරිසක් අද (01) කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය වහාම සිය ධුරවලින් ඉවත් විය යුතු බවයි.
දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය යළි ගොඩනැගීමට පාලක මණ්ඩලය අපොහොසත් වී ඇති බවට චෝදනා කළ විරෝධතාකරුවෝ, ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින වත්මන් පරිහානියට මෙම නිලධාරීන් සෘජුවම වගකිව යුතු බව අවධාරණය කළහ.
විරෝධතාව හේතුවෙන් ක්‍රිකට් මූලස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ නමුත්, කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවූ බව පොලිසිය තහවුරු කළේය,

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න