ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකු යටතට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බවයි.
මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා ද සෘජුවම මැදිහත් වී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම රජයේ මූලික වගකීමක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා මෙම ක්‍රියාමාර්ග වෙනත් පාර්ශ්වයන්ට පැවරිය නොහැකි වගකීමක් බවත්, ඉදිරි දින කිහිපය තුළ ICC ආයතනය සමඟ පවත්වන සාකච්ඡාවලින් පසු අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න