2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නම් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හෙට (08) පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර කැපී තරගාවලියේ පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අටදෙනෙක් මෙ ලැයිස්තුවට ඇතුළත්.
ඒ අනුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක විල් ජැක්ස් තරඟ අටකදී ලකුණු 226ක් ලබාගනිමින් සහ කඩුලු නවයක් දවාගනිමින්, තරගයේ වීරයා සම්මාන හතරක් ද සමඟින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.
එමෙන්ම පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆහරාන් ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, මවර තරගාවලියේ දී ඔහු 76.60 ක සාමාන්‍යයකින් සහ 160.25 ක ප්‍රහාරක වේගයකින් ලකුණු 383ක් රැස්කරගත් අතර, විස්සයි විස්ස ලෝක කුසලානයේ එක් සංස්කරණයකදී ශතක දෙකක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට මෙව්ර ෆහරාන් පත් වුණා.
දකුණු අප්‍රිකාවේ ලුන්ගි න්ගිඩි තරග හතකදී කඩුලු 12ක් දවාගනිමින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, එම කණ්ඩාය නායකයා වන ඒඩන් මාක්‍රම් තරග අටකදී අධර් ශතක තුනක් ද සමඟ ලකුණු 286ක් ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිදෙඊර්ශිත නාම අතරට පැමිණ තිබෙනවා.
එමෙන්ම නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර ද පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් දක්වමින් තරග අටකදී කඩුලු 11ක් සහ ලකුණු 128ක් ලබාගැනීමෙන් පසුව මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
මූලික වටයේ දී තරඟ හතරකදී පමණක් තරඟාවලියේ ඉහළම කඩුලු 13ක් ලබා ගැනීමෙන් පසු ඇරිකා එක්සත් ජනපදයේ වේග පන්දු යව්න ක්‍රීඩක ෂැඩ්ලි වැන් ෂාර්ක්ටික් තරගාවලියේ වීරයා ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න