Menu

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී එක්දින තරගයේ විස්තර

100

කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේ අද මුළු මහත් ප්‍රේක්ෂකාගාරයම උණුසුම් කරමින් පැවැති 49 වැනි ආනන්ද-නාලන්දා සීමිත පන්දුවාර ක්‍රිකට් ගැටුම නිමාවට පත්වූයේ නාලන්දා විද්‍යාලයට අතිවිශිෂ්ට ජයක් හිමිකර දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා පිතිකරුවන් සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 261ක් වැනි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ආනන්ද විද්‍යාලය ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 262 හඹා ගියද, නාලන්දා පන්දු යවන්නන්ගේ තියුණු ප්‍රහාර හමුවේ ඔවුන්ට පන්දුවාර 46යි පන්දු 5ක් ඇතුළත සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. ආනන්ද ඉනිමේ ජීවය රඳවා ගනිමින් දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 80ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළද, නාලන්දා ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ඕසඳ පමුදිත ලකුණු 19කට කඩුලු 3ක් දවාගනිමින් ආනන්ද පිතිකරුවන් අසරණ කළ අතර, සන්තුල් විජයරත්න ද කඩුලු 2ක් දවාගනිමින් සිය කණ්ඩායම ලකුණු 53ක අභිමානවත් ජයක් කරා මෙහෙයවීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *