බංගලිදේශ ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස් විසින් සිදුකළ මතභේදාත්මක රන්-අවුට් කිරීම හමුවේ නිහඬතාවය බිඳිමින් පකිස්ථාන පිතිකරු සල්මාන් අලී ආගා ලෝකයාටම ආදර්ශවත් ප්‍රකාශයක් සිදු කර තිබේ.
එම දැවීයාම නීත්‍යානුකූල බව තමා පිළිගන්නා බවත්, තමාද සැමවිටම නීතියට ගරු කරන ක්‍රීඩකයෙකු බවත් පවසන සල්මාන් අලී, එහිදී මතු විය යුත්තේ නීතියට වඩා ක්‍රීඩාවේ ජීවගුණය සහ මහත්මා ගුණය බව අවධාරණය කරයි.
තමා එවැනි අවස්ථාවක ප්‍රතිවාදී ක්‍රීඩකයා ලෙස සිටියේ නම් කිසිසේත්ම එවැනි ක්‍රියාවක් සිදු නොකරන බවයි. තමාගේ ක්‍රියාකලාපය මිරාස්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සහ මානුෂීය එකක් වනු ඇති බව පවසමින් සල්මාන් අලී වක්‍රව පෙන්වා දුන්නේ, ජයග්‍රහණයට වඩා ක්‍රීඩාවේ ගෞරවය තමාට වටිනා බවයි.
මෙම ප්‍රකාශයත් සමඟ මුළු මහත් ක්‍රිකට් ලෝකයේම ගෞරවය සල්මාන් අලී වෙත හිමිවෙමින් පවතින අතර, මිරාස් ඇතුළු බංගලිදේශ කණ්ඩායම කෙරෙහි එල්ල වන විවේචන තවදුරටත් දැඩි වී තිබේ.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න