Menu

ත්‍රිත්වයේ වාර්තාගත ත්‍රිත්ව ශතකයක්

118

වයස අවුරුදු 19න් පහළ ටියර් ‘ඒ’ කාණ්ඩයේ අන්තර් පාසැල් ක්‍රිකට් තරගාවලියේ පැවති තරගයක දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිමන්ත මහවිතාන ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව මහනුවරදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම අතරතුරදීයි.

එම දස්කම දැක්වීම සඳහා දිමන්ත මහවිතාන වැය කර තිබුණේ පන්දු 258ක් වීමත් විශේෂත්වයක්.

නොදැවී වාර්තා කළ දිමන්තගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 36ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුණා.

මෙය වයස අවුරුදු 19න් පහළ ටියර් ‘ඒ’ කාණ්ඩයේ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, එය මීට පෙර ජනිත් වර්ණකුල කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලබාගෙන තිබූ ලකුණු 241 අභිබවා යාම විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *