ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සියලුම ජාතික මට්ටමේ කණ්ඩායම්වල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා නව පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පියවර ගෙන තිබේ.
ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික රයන් වැන් නයිකර්ක් (Ryan van Niekerk) පත් කර ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම කණ්ඩායම්වල වේග පන්දු යැවීමේ අංශය අධීක්ෂණය කිරීමට නියමිතය. රයන් වැන් නයිකර්ක් 2023 සිට 2026 දක්වා කාලය තුළ නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙසත් විශිෂ්ට සේවාවක් ඉටු කර ඇති අයෙකි. ඔහු 2023 එක්දින ලෝක කුසලානය මෙන්ම 2024 සහ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිවලදී ද නෙදර්ලන්ත කණ්ඩායම සමඟ කටයුතු කර තිබේ.
පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරු ජාතික මට්ටමේ සියලුම කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම පිළිබඳ වගකීම ජෝර්දාන් ග්‍රෙගරි (Jordan Gregory) වෙත පවරා ඇත. නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, 2023 විස්සයි-20 ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන තරගාවලි කිහිපයකදී සිය දායකත්වය ලබා දී ඇති දක්ෂ පුහුණුකරුවෙකි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න