පාසල් ක්‍රිකට් පිටියක ඇති වූ ආරවුලක් අවසන් වූයේ 16 හැවිරිදි සිසුවෙකුගේ අකල් මරණයකිනි. මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වාර්තා කරන්නේ පසුගිය 23 වන දින මෙම සිසුවා තම නිවසේ නාන කාමරය තුළ ඇද වැටී සිටියදී දෙමාපියන් විසින් රෝහල්ගත කර ඇති බවයි. හිසට සිදුව තිබූ බරපතළ තුවාල හේතුවෙන් ඔහුව කරාපිටිය රෝහලට මාරු කර යවා තිබුණි.
මියගිය සිසුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු තම පුතාට පහර දී ඇති බවයි. පොලිස් පරීක්ෂණවලට අනුව, පහරදීම සිදුවූ බව කියන දිනයේ මියගිය සිසුවා කාලපරිච්ඡේද හතරක් පාසලේ රැඳී සිට ඇති අතර,
පසුව සිය පාපැදියෙන්ම නිවස බලා ගොස් තිබේ. නාන කාමරය තුළ ඇද වැටී ඇත්තේ ඉන් අනතුරුවය. මේ වන විට පහරදුන් බව කියන සිසුවා සහ පන්තිභාර ගුරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති මත්තල පොලිසිය, සැකකාර සිසුවා ද පොලිසිය වෙත කැඳවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) පැවැත්වීමට නියමිතව තිබූ අතර මත්තල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න