Menu

සුපිරි ක්‍රීඩක ෆකාර් සමාන්ට තරග තහනමක්. අධි චෝදනා එල්ල වෙයි.

105

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Lahore Qalandars හා Karachi Kings අතර පසුගිය ඉරිදා පැවැති තරගයේදී පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ Lahore Qalandars ක්‍රීඩක ෆකාර් සමාන්ට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විභාගයකින් අනතුරුවයි තරග තීරක රොෂාන් මහානාම විසින් මෙම දඩුවම පනවා ඇත්තේ.

තරගයේ දෙවනුව පන්දුවට පහර දෙමින් සිටි කරච්චි කණ්ඩායමට ජයග්‍රහනයට අවසන් පන්දු හයට ලකුණු 14 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ පසුබිමක පන්දු රකිමින් සිටි ෆකාර් මෙලෙස පන්දුව පළුදු කරනු දක්නට ලැබුණා.

එම වරද හේතුවෙන් පිතිකරණයේ නිරතව සිටි කරච්චි කණ්ඩායමට ලකුණු පහක් දඩුවම් ලකුණු ලෙස පිරිනැමීමට ද විනිසුරුවන් කටයුතු කළ අතර, ඒ අනුව අවසන් පන්දු හයට ඔවුන්ට ජයග්‍රහනයට අවශ්‍ය වූයේ ලකුණු 9ක් පමණයි.

අවසානයේ තරගයෙන් කරච්චි කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *