Menu

ජාත්‍යන්තර T20 ඉතිහාසයේ නව වාර්තාවක් බ්‍රසීලයට !

161

බොට්ස්වානාහි පැවැත්වෙන ‘කලහාරි කාන්තා විස්සයි20’ තරඟාවලියේදී ක්‍රිකට් ලෝකය කැළඹූ සුවිශේෂී දක්ෂතාවක් බ්‍රසීල තුන් ඉරියව් ක්‍රීඩිකා ලෝරා කාඩෝසෝ (Laura Cardoso) විසින් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ, ලෙසෝතෝ (Lesotho) කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී, ජාත්‍යන්තර T20 ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී කඩුලු 9ක් දවා ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීම හරහායි. මෙම දක්ෂතාව, කාන්තා පමණක් නොව, පිරිමි ජාත්‍යන්තර විස්සයි20 ඉතිහාසයේ ද එක් ඉනිමකදී ක්‍රීඩකයෙකු කඩුලු 9ක් දවාගත් ප්‍රථම අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වනවා.

මෙම ඓතිහාසික ඉනිමේදී ලෝරා කාඩෝසෝ සිය පන්දු වාර 3ක කාලය තුළදී ලකුණු 4කට කඩුලු 9ක් (3-2-4-9) බිඳ හෙලීමට සමත් වුණා. ඇගේ පන්දු යැවීමේ විශ්ලේෂණය 3-2-4-9 ලෙසින් වාර්තා වූ අතර, එය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කළ දක්ෂතාවක් ලෙසින් සැලකෙනවා. ඇගේ මෙම දක්ෂතාවත් සමඟ, මීට පෙර විස්සයි20 ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කී භූතානයේ සෝනම් යෙෂේ (ලකුණු 7කට කඩුලු 8) සහ ඉන්දුනීසියාවේ රොමාලියා (ලකුණු 0කට කඩුලු 7) අභිබවා යන්නට ලෝරා සමත් වුණා.

ලෝරාගේ මෙම සුපිරි පන්දු යැවීම වඩාත් සුවිශේෂී වන්නේ ඇගේ ඉනිමේ දෙවන පන්දු වාරයේදී පිට පිට පන්දු තුනකදී කඩුලු ලබා ගනිමින් ‘හැට්‍රික්’ (Hat-trick) වාර්තාවක් ද පිහිටුවීම නිසයි. මෙම ජයග්‍රහණය බ්‍රසීල කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම, ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ද විශාල ආඩම්බරයක් ගෙන දෙනු නොඅනුමානයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *