Menu

කරච්චි කිංග්ස්ට එරෙහිව කුසල්ගෙන් ප්‍රවේගකාරී ශතකයක්

105

පාකිස්තාන් සුපර් ලීග් (PSL) තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද (9) පැවති තරගයේ දී කුසල් මෙන්ඩිස් සුවිශේෂී දක්ෂතාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ඔහු, කරච්චිහිදී පැවැති මෙම තරගයේ දී ප්‍රවේගකාරී ශතකයක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ මෙම දක්ෂතාව හරහා ඔහුගේ කණ්ඩායමට ජයග්‍රාහී මාවතක් විවෘත වුණා.

මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 52කදී ලකුණු 109ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත් විය. ඔහුගේ මෙම ශතකයෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 246ක් රැස්කිරීමට සමත් වූ අතර, එය පාකිස්තාන් සුපර් ලීග් තරග ඉතිහාසයේ ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ.

කුසල් මෙන්ඩිස්ගේ මෙම දක්ෂතාව, පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ නව රැල්ලක් ඇති කිරීමට සමත් වනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු වනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *