ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අතිශය දැඩි මෙන්ම ආන්දෝලනාත්මක නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
මින් ඉදිරියට ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට ද පිටිය තුළ හෝ ඉන් පිටතදී අසභ්‍ය වචන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එවැනි වරදක් සිදුකරන ඕනෑම අයෙකුට බරපතළ දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇත. එපමණක් නොව, ක්‍රීඩකයින්ගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇති පාලක මණ්ඩලය, තරඟ හෝ පුහුණුවීම් අතරතුර කරාබු පැළඳීම මෙන්ම නිලධාරීන් හමුවීමට පැමිණීමේදී කොට කලිසම් සහ සෙරෙප්පු පැළඳීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ද නව නීති පද්ධතිය තුළ ඇත්තේ දැඩි මර්ධනකාරී ස්වරූපයකි. විශේෂයෙන්ම කණ්ඩායමේ සහජීවනයට බාධා වන අයුරින් අදහස් දැක්වීම මෙන්ම මුදල් ගෙවා සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීමේ මෙහෙයුම් ද මින් ඉදිරියට ක්‍රීඩකයින්ට තහනම් වනු ඇත.
කෙසේ වෙතත්, මෙම නීති මාලාව අතරතුර ක්‍රීඩකයින්ගේ පෞද්ගලික සබඳතා සම්බන්ධයෙන් ද සුවිශේෂී කොන්දේසියක් ඇතුළත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමට අවසර හිමිවන බවයි.


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න