ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව සමස්ත විස්සයි විස්ස ක්‍රිකට් ලෝකයේම දැවැන්තම සහ සාර්ථකම ලකුණු හඹායාම වාර්තා කරමින් ලෝක වාර්තා පොත් අලුත් කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අද සමත් විය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් එල්ල කළ ලකුණු 265ක අති දැවැන්ත ඉලක්කය හඹාගිය පන්ජාබ් පිතිකරුවන් තරගය නිමා වීමට තවත් පන්දුවාරයක්ම ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ ක්‍රිකට් ලොව මවිතයට පත් කරමිනි. ප්‍රභ්සිම්රන් සිං පන්දු 26කදී රැස් කළ ලකුණු 76 සහ ශ්‍රෙයාස් අයියර්ගේ නොදැවී ලකුණු 71ක ප්‍රහාරාත්මක ඉනිම් හමුවේ දිල්ලි පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම අසරණ විය.
මෙම තරග වාරය තුළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පෙන්වන අසාමාන්‍ය දක්ෂතාවය අතිශය විශ්මයජනක වන අතර ඔවුන් ලකුණු 195 සිට 264 දක්වා වූ ඕනෑම දැවැන්ත ඉලක්කයක් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව සිටියි. විශේෂයෙන්ම චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් වැනි ප්‍රබල කණ්ඩායම් හමුවේ පවා පරාජය නොලබා අපරාජිතව ඉදිරියටම යන පන්ජාබ් කණ්ඩායම, ඕනෑම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත හැකි බව මෙවර තරගාවලිය තුළ යළි යළිත් තහවුරු කර තිබේ


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න