IPL පිතිකරුවෙකුට ළඟා විය නොහැකි වූ අතිශය සුවිශේෂී කඩඉමක් පසු කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ විරාත් කෝලි ඊයේ සමත් විය. ඒ අනුව IPL ඉතිහාසයේ ලකුණු 9000 සීමාව පසුකළ ලොව පළමු සහ එකම පිතිකරුවා ලෙස ඔහු සිය නාමය රන් අකුරින් සටහන් කර ගත්තේය.
දැනට තරඟ 275කට ක්‍රීඩා කරමින් ලකුණු 9012ක් රැස් කරගෙන සිටින කෝලි, සිය ආසන්නතම ප්‍රතිවාදියා වන රෝහිත් ෂර්මාට වඩා ලකුණු 1900කට ආසන්න සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.
IPL පිටියේ වැඩිම ශතක 8ක් සහ වැඩිම අර්ධ ශතක 66ක් ලබා ගනිමින් පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දක්වා ඇති කෝලි, 2016 වසරේදී එක් තරඟ වාරයකදී පමණක් ලකුණු 973ක් ලබා ගනිමින් තැබූ වාර්තාව අදටත් නොබිඳී පවතී. හතරේ පහර 800ක සීමාව පසුකළ එකම පිතිකරුවා වන ඔහු, මෙතෙක් IPL පිටියේ හයේ පහර 305ක් එල්ල කරමින් ලැයිස්තුවේ තෙවන ස්ථානයට පැමිණ සිටින්නේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සහ රෝහිත් ෂර්මාට පමණක් පිටුපසින් සිටිමිනි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම IPL පිටියේද වාර්තා පිට වාර්තා තබමින් විරාත් කෝලි යන නාමය ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස අභිෂේක වී හමාරය.


ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න