Menu

ආදේශකයෙකු ලෙස පැමිණ IPL පිටියම හොල්ලයි! සනත් ජයසූරියගේ වසර 18ක වාර්තාව අද කුඩු පට්ටම් වෙයි

148

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සතු වූ සුවිශේෂීම වාර්තාවක් අලුත් කිරීමට දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු රයන් රිකල්ටන් අද සමත් විය. මීට දින කිහිපයකට පෙර කුවින්ටන් ඩි කොක් මුම්බායි වෙනුවෙන් ශතකයක් රැස් කරමින් දැක්වූ දස්කමට නොදෙවෙනි පිළිතුරක් ලබා දුන් රිකල්ටන්, අද දින ඩි කොක් වෙනුවට තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළේය.

මෙම ඉනිම වඩාත් සුවිශේෂී වන්නේ වසර 18ක් තිස්සේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය සතුව තිබූ මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම ශතකයේ වාර්තාව අද රිකල්ටන් විසින් අලුතින් ලියනු ලැබීමයි. සනත් ජයසූරිය IPL පළමු තරගාවලියේදීම පිහිටවූ එම අමතක නොවන වාර්තාව බිඳ හෙළීමට රිකල්ටන්ට වැය වූයේ පන්දු 44ක් පමණි. ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දුවාර 20 අවසන් වන තෙක්ම නොදැවී ක්‍රීඩා කළ ඔහු, පන්දු 55ක් තුළ ලකුණු 123ක් රැස් කරමින් මුම්බායි ඉනිම ලකුණු 243ක දැවැන්ත මට්ටමකට ඔසවා තැබීමට මූලික විය.

මෙය රිකල්ටන් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ විශිෂ්ටතම ඉනිම ලෙස සටහන් වන අතර, එය ඔහුගේ පළමු IPL ශතකය ද වේ. එපමණක් නොව, මුම්බායි ඉන්ඩියන්ස් ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට රිකල්ටන් සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *