Menu

කොදෙව් ප්‍රබලයන් සහ ඉන්දීය තරු මෙරටට පැමිණෙන ජුනි මාසයේ ක්‍රිකට් කාලසටහන මෙන්න

84

එළඹෙන ජුනි මාසය මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අතිශය උද්යෝගිමත් කාලසීමාවක් වනු නොඅනුමානය. ඒ ජාත්‍යන්තර කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් දැවැන්ත තරඟාවලි ත්‍රිත්වයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවිනි.

මෙහි ආරම්භය සනිටුහන් කරමින් බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම දිවයිනට පැමිණෙන අතර ඔවුන් හම්බන්තොට සහ කොළඹදී සිව්දින සහ එක්දින තරඟ සඳහා සහභාගී වීමට නියමිතය.

ඉන් අනතුරුව ක්‍රිකට් ලෝකයේ අවධානය දඹුල්ල දෙසට යොමු වන්නේ ශ්‍රී ලංකා ‘A’, ඉන්දියා ‘A’ සහ ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම් අතර පැවැත්වෙන උණුසුම් තුන්කොන් එක්දින තරඟාවලියත් සමඟය.

විශේෂයෙන්ම තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ‘A’ කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම සටන දැඩි තරඟකාරී මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම එක්දින සටනින් පසු ශ්‍රී ලංකා ‘A’ සහ ඉන්දියා ‘A’ කණ්ඩායම් අතර තීරණාත්මක සිව්දින තරඟ දෙකක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

*⚠️නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න ⚠️*
https://chat.whatsapp.com/DIke6mrh4y5CeXWIZljmcr?mode=hq2tcla

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *