ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මීට පෙර කිසිදු ක්‍රීඩකයෙකුට ළඟා කර ගැනීමට නොහැකි වූ අතිශය දුර්ලභ සහ සුවිශේෂී වාර්තාවක් තමන් සතු කර ගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා.
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ මෙම ක්‍රීඩකයා, වසර ගණනාවක නිහැඬියාවකට පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස ඇත්තේ සමස්ත ක්‍රීඩා ලෝකයම පුදුමයට පත් කරමින්.
ඔහු මෙලෙස ජාත්‍යන්තර පිටියේ අලුත් ගමනක් ආරම්භ කරමින් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ප්‍රබල ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහි තරඟයේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායම වෙනුවෙන් සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. මේ හරහා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රටවල් දෙකක් වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරඟ නියෝජනය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වී අවසන්.
මීට පෙර 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා නිල ඇඳුමෙන් සැරසී සිය අවසන් එක්දින තරඟයට ක්‍රීඩා කළ ඔහු, වසර හතකට ආසන්න කාලයකට පසුව මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ලීග් තරඟාවලිය යටතේ ඇමරිකාව වෙනුවෙන් පිටියට පිවිසීම සැබවින්ම සුවිශේෂී කඩඉමක්
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න