මෙවර (2026) IPL තරඟාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන වෛභව් සූර්යවංශි මේ වන විට මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගෙන ඉවරයි.
ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායමට එරෙහිව පන්දු 38කින් ලකුණු 93ක් රැස් කළ ඔහු එම ඉනිමට හයේ පහර 10ක්ම ඇතුළත් කළා. ඒ සමගම ඔහු මේ වාර්තා පොත් අලුත් කළේ මෙහෙමයි:
- ක්‍රිස් ගේල්ගේ වාර්තාවට ඉතා ආසන්නයට: එක් IPL තරඟාවලියක වැඩිම හයේ පහර වාර්තාව හිමිවන්නේ 2012 දී හයේ පහර 59ක් එල්ල කළ ක්‍රිස් ගේල්ටයි. වෛභව් මේ වනවිට හයේ පහර 53ක් එල්ල කර ඇති අතර, ගේල්ගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට තව අවශ්‍ය වන්නේ හයේ පහර 7ක් පමණයි.
- ඉන්දියානු වාර්තාව: එක් IPL තරඟාවලියක් තුළ හයේ පහර 50 සීමාව පසුකළ ඉතිහාසයේ පළමු ඉන්දියානු ක්‍රීඩකයා වන්නේ ද වෛභව් ය. ඔහු අභිබවා ගියේ 2024 දී අභිෂේක් ෂර්මා තැබූ හයේ පහර 42 වාර්තාවයි.
- ලෝකයේ දෙවැනියා: මේ වනවිට ක්‍රිස් ගේල්ට පමණක් දෙවැනි වෙමින්, 2019 දී හයේ පහර 52ක් එල්ල කළ ඇන්ඩ්‍රේ රසල් වැනි ප්‍රබලයන් පවා පසුකර යාමට මේ 15 හැවිරිදි ක්‍රීඩකයා සමත් වී තිබෙනවා.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

LPL ඉතිහාසයේ දුර්වලතම පන්දු යැවීම වාර්තා වෙද්දී Jaffna Kings ලකුණු 202ක් රැස් කරයි!
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි කිරුළ හිස පලඳියි!
ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ඉන්දීය ටෙස්ට් සංචිතයක් නම් කරයි. විස්තරය මෙන්න
සිංහ කෙල්ලෝ අද තරග බිමේ
දඹුල්ල පරාජය කරමින් ගාල්ල ලැබූ ජයග්‍රහණයත් සමග LPL ප්‍රසාද ලකුණු සටහන උඩුයටිකුරු වෙයි!
මෙවර LPL හි පළමු තරගයෙන්ම කැපී පෙනුණු සචිඳු කොළඹගේ