Menu

චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

46

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබෙනවා.

මෙම පෙත්සමේ තීන්දුව අද (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. 

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහෙත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව මෙතෙක් සූදානම් නොමැති බැවින් එය ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි.

පෙත්සම්කරුවන් පවසා තිබෙන්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් බවත් ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බවයි.

එසේ තිබියදී තමන් එම ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට ප්‍රකාශ කර එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *