බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පන්දුවාර සංඛ්‍යාව නියමිත කාලය තුළ යවා නිමා නොකිරීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා.
එම තරගයේදී ශ්‍රී ලංකාවට නියමිත කාලය තුළදී පන්දුවාර දෙකක් යවා අවසන් කිරීමට නොහැකි වූ බවටයි අනාවරණය වී තිබුණේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා තිබෙනවා.
අයි.සී.සී නීති ප්‍රකාරව කණ්ඩායමක් නියමිත කාලයේදී යවා අවසන් කිරීමට අපොහොසත් වන සෑම පන්දුවාරයකටම 5% ක දඩ මුදලක් ගෙවිය යුතුයි.
පළමු තරගයේදී සිදු වූ වරද හා ලබා දුන් දඩුවම නායක කුසල් මෙන්ඩිස් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදුවන්නේ නැහැ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න