බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක විස්සයි 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අමතක නොවන සුපිරි පිතිහරඹයක් ප්‍රදර්ශනය කිරීමට දසුන් ශානක සහ කමිල් මිශාර අද සමත් වූහ. එහිදී පිටියට පිවිසි දසුන් ශානක පන්දු 19ක් පමණක් වැය කරමින් වේගවත් අර්ධ ශතකයක් රැස් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු විසින්ම තබා තිබූ වේගවත්ම විස්සයි 20 අර්ධ ශතකයේ වාර්තාව යළිත් වරක් සම කරමිනි.
දසුන්ගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වූ අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 257.09ක් ලෙස සටහන් විය. අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් ලබා දුන් කමිල් මිශාර තමාට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය 4 වැනි ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
පන්දු 33කින් වාර්තා වූ කමිල්ගේ නොදැවුණු ලකුණු 50ක ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වූ අතර එය 157.14ක ප්‍රහාරාත්මක වේගයකින් සමන්විත විය. කණ්ඩායම දැඩි අර්බුදයක සිටි මොහොතක 5 වැනි කඩුල්ල වෙනුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා එක්ව ගොඩනැගූ වටිනා ශතක සබඳතාවය හේතුවෙන් නියමිත පන්දුවාර අවසානයේදී කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න