Menu

රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉදිරියට

1


ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත් කරන ලද නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව, පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලොව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව ඇත.

රුමේෂ් ඊයේ (16) චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේද හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මේ වනවිට රුමේෂ් ශ්‍රේණිගත ලකුණු 1,333ක් රැස්කරගෙන සිටින අතර, ඔහු අවසන්වරට ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියේය.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *