සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන්ට කිසිදු අනුකම්පාවක් නොපෙන්වූ ඔහු, ඉතා කෙටි කාලයක් තුළදී ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කර දැමුවේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයෙනි.
තරගයේ 43 වැනි පන්දුවාරය නිමාවට පත්වන විට කොදෙව් කණ්ඩායමේ ප්‍රබල කඩුලු 07ක්ම ලකුණු 134ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබීම තරගයේ සමස්ත පාලනය ශ්‍රී ලංකාව වෙත නතු කරගැනීමට ප්‍රධානතම හේතුව විය. මෙහිදී කොදෙව් ඉනිමේ කොඳුනාරටිය බිඳ දැමූ ප්‍රධානතම නියමුවා බවට පත්වූ ලහිරු කුමාර, ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 14ක් පමණක් වන අතර එහිදී ඔහු වටිනා කඩුලු 04ක්ම තම නමට ලියාගැනීම සුවිශේෂීම සිදුවීමයි.
මෙම අතිදක්ෂ පන්දු යැවීමේ රටාව හමුවේ කොදෙව් පිතිකරුවන් දැඩි ලෙස අසරණ වූ අයුරු පිටිය පුරා දක්නට ලැබුණි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න