Menu

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා ලෝකයේ අංක එකට ළඟාවෙයි! විස්තරය මෙන්න

0

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් අද දින කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී අතිවිශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය. ඒ 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේදී මීටර් 88.68ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගැනීමත් සමඟිනි. මෙම තරගයේදී ප්‍රේක්ෂකයින් වඩාත් මවිතයට පත් කළ කාරණය වූයේ, ඔලිම්පික් සහ ලෝක ශූර ඉන්දීය ජාතික නීරාජ් චොප්රාට පවා රුමේෂ්ගේ දස්කම් අබියස සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවීමයි.

මෙය රුමේෂ් තරංග පිටපිටම ඩයමන්ඩ් ලීග් අදියරක් ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව වන අතර, මේ වනවිට ඔහු 2026 ඩයමන්ඩ් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද සමත්ව සිටී. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන රුමේෂ්, මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟින් ඉදිරි සතියේදී නිල වශයෙන් ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා බවට පත්වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝක මලල ක්‍රීඩා පිටියේ අංක එක බවට පත්වන මෙම අවස්ථාව, සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම අතිශය ආඩම්බර විය හැකි ඓතිහාසික කඩඉමකි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t Leave a Reply

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *