ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් දිනාගන්නා ලාබාලතම ක්‍රීඩකයා වන 15 හැවිරිදි වෛභව් සූර්යවංශිට, එළඹෙන එංගලන්ත විස්සයි-20 සංචාරයේදී ඇඳුම් මාරු කිරීමට වෙනම පහසුකම් භාවිතා කිරීමට සිදුවන බව ‘ද ගාඩියන්’ පුවත්පත අනාවරණය කරයි.
ලබන සිකුරාදා බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ඔහු තරග 5කින් යුත් විස්සයි-20 තරගාවලියකට එංගලන්තය බලා යාමට නියමිතය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ළමා ආරක්ෂණ නීතිවලට අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ඇඳුම් මාරු කරන කාමර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වේ. මේ හේතුවෙන් එංගලන්තයේ සියලුම ක්‍රීඩාංගණවලදී වෛභව් වෙනුවෙන් විශේෂිත වෙනම ඇඳුම් මාරු කිරීමේ කාමර සලසා දීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවද, තරගය අතරතුර සහ කණ්ඩායම් රැස්වීම්වලදී සෙසු ක්‍රීඩකයින් සමග ඉන්දීය ක්‍රීඩාගාරයේ රැඳී සිටීමට ඔහුට අවසර හිමිවුවත්, මෙම සීමාව ක්‍රියාත්මක වන්නේ තරගයට පෙර සහ පසු ඇඳුම් මාරු කරන අවස්ථාවලදී පමණි. මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව කටයුතු කරයි. තවද, මෙම සංචාරය පුරාවට වෛභව්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ද ඔහු සමග රැඳී සිටිනු ඇත.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න