ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කොදෙව් පිතිකරු අමීර් ජන්ගූ සමත් විය. සිය ක්‍රිකට් දිවියේ දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව අතිවිශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කරමින් සියලු ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනා ගත්තේය.
හතරේ පහර දාහතක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු තුන්සිය හතළිස් දෙකකදී සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ ඔහු හයවන කඩුල්ල සඳහා රොස්ටන් චේස් සමගින් එක්ව ලකුණු තුන්සියයක දැවැන්ත සහ ඉතා තීරණාත්මක සබඳතාවක් ගොඩනැගීය.
කඩුලු පහක් දැවී ගොස් කොදෙව් ඉනිම තරමක අවදානම් තත්ත්වයක තිබියදී මෙම සබඳතාව තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින් මෙම භයානක සබඳතාව බිඳ දැමීමට වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක සමත් වූයේය.
මිලාන් රත්නායක යොමු කළ විශිෂ්ට පන්දුවක් හමුවේ පන්දු තුන්සිය හැත්තෑ තුනකට මුහුණ දී සිටි අමීර් ජන්ගූ ලකුණු දෙසිය තිස් තුනක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වටිනා කඩුල්ලක හිමිකම ලබා දෙමිනි.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න