2026 පාපන්දු ලෝක කුසලානයේ කළු අශ්වයන් වෙන්න පුළුවන් කියලා කලින් ඉඳලම මත පළ වුණ කණ්ඩායමක් වෙන්නේ නෝර්වේ. අද ඔවුන් අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අයිවරි කෝස්ට් ගෝල 2-1 ක් විදිහට පරාජය කරමින්.
මේ තරගාවලිය ආරම්භ වුණ වෙලාවේ ඉඳලම නෝර්වේ කණ්ඩායමේ වීරයා බවට පත් වුණේ වෙන කවුරුත් නෙමෙයි එර්ලින් හාලන්ඩ්. ඔහු කණ්ඩායම ඉහළටම අරගෙන යන්න උපරිම කැපවීමෙන් ක්‍රීඩා කළා.
අදත් තරගය අවසන් වෙන්න මිනිත්තු කිහිපයක් තිබියදී නෝර්වේ වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ හාලන්ඩ් විසින්.
එය ඔහු 2026 පාපන්දු ලෝක කුසලානයේ වාර්තා කරපු 5 වෙනි ගෝලය. වැඩිම ගෝල ලාභීන් ලැයිස්තුවේ දැන් අර්ලින් හාලන්ඩ් දෙවනි වෙන්නේ ලියොනල් මෙසීට විතරයි.
හාලන්ඩ්ගේ නෝර්වේ එක්ක ජාත්‍යන්තර පාපන්දු තරග වාර්තාව දැක්කම ඇත්තටම විස්මයට පත් වෙන්න පුළුවන්. ඔහුව හඳුන්වන්නේ ගෝල මැෂිමක් විදිහට. මනුස්සයෙක්ට වඩා හාලන්ඩ් කියන්නේ රොබෝ කෙනෙක් කියලා තමයි පාපන්දු ප්‍රේක්ෂකයන් කියන්නේ.
ඇත්තටම හාලන්ඩ්ට එහෙම කියන එක සාධාරණයි කියලා හිතෙන්නේ ඔහුගේ ජාත්‍යන්තර පාපන්දුවේ දත්ත වාර්තා දැක්කම තමයි.
එර්ලින් හාලන්ඩ් නෝර්වේ වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 53 කදී වාර්තා කරපු 60 වෙනි ගෝලය වෙන්නේ අද වාර්තා කරපු ගෝලය. තරග 53 යි ගෝල 60 යි කියන්නේ එක තරගයකට ගෝල 1 කට වඩා වැඩි සාමාන්‍යයක් තියෙනවා.
හරියටම කියනවා නම් එර්ලින් හාලන්ඩ් එක නෝර්වේ තරගයකට ගෝල 1.13 ක සාමාන්‍යයක් පවත්වාගෙන ඉන්නවා. ඒක අසාමාන්‍යය මට්ටමේ වාර්තාවක්.
කොහොම වුණත් පෙරළිකාරයන් විදිහට දැන් නෝර්වේ කණ්ඩායම අවසන් 16 වටයට සුදුසුකම් ලබා අවසන්. එතනින් පස්සේ තමයි ඔවුන්ගේ විශාලතම අභියෝගයන් ටික ආරම්භ වෙන්නේ.
නෝර්වේ අවසන් 16 වටයේදී 5 වරක් ලෝක ශූරයන් වන බ්‍රසීලය හමු වීමට නියමිතයි. සත්‍ය වශයෙන්ම එය පාපන්දුවේ උරුමකරුවන් සහ උතුරු යුරෝපයෙන් පැමිණි වයිකිංවරුන් අතර පැවැත්වෙන මහා සටනක් බවට පත් වේවි.
එතනදීත් සමස්ථ නෝර්වේම බලාපොරොත්තුව වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඔවුන්ගේ ගෝල මැෂිම අර්ලින් හාලන්ඩ්!

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න