Menu

ළහිරු උදාර කොදෙව් දේශයේ දී වාර්තාවක් සමඟ කළ අතිවිශිෂ්ට පෙරළිය ඊයේ.

208

සමහර සිහින සැබෑ වීමට විශාල කාලයක් ගතවුවද එම සිහිනවලට ළඟා වූ පසු දැනෙන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය. වසර දොළහක දැඩි කැපවීම සහ නොපසුබට උත්සාහය අවසානයේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ළහිරු උදාර සමත් වී ඇත.

2014 වසරේදී සිය පළමු පෙළ මංගල ශතකය වාර්තා කළ ඔහු 2026 වසරේදී මෙම සුවිශේෂී කඩඉමට ළඟා වූයේ පළමු පෙළ තරගවලදී ලකුණු 8536ක් ශතක 19ක් සහ අර්ධ ශතක 48ක් ලබා ගනිමින් දැක්වූ අතිවිශිෂ්ට දස්කම්වලින් පසුවය. බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී මෙම දස්කම දැක්වීම ඕනෑම පිතිකරුවෙකුට සුවිශේෂී හැඟීමක් ගෙන දෙන්නක් වන අතර ළහිරු සිය ඉනිම තවත් අලංකාර කළේ හයේ පහරවල් තුනක් ද සමඟිනි.

පන්දු 195කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 151ක් ලබාගත් ඔහු එම ලකුණු ප්‍රමාණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ කොදෙව් බිමකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ දැවැන්තම ඉනිමේ හිමිකරුවා වශයෙනි.

දිගු කලක් තිස්සේ ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීමට පෙරුම් පිරූ ළහිරු උදාරගේ මෙම විශිෂ්ට පිතිහරඹය ඉවසීමේ සහ දක්ෂතාවයේ කදිම සංකලනයක් බව ක්‍රීඩා ලෝලීන්ට මනාව ඔප්පු කර අවසන්ය. මෙය ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලෝකයේම ක්‍රීඩාවට ආදරය කරන සැමටම අමතක නොවන මතකයක් වනු නිසැකය.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *