බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ කොදෙව් බිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 549ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළ අතර, ටෙස්ට් ඉතිහාසයේ කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ලකුණු 500 සීමාව පසුකළ පළමු සහ එකම අවස්ථාව මෙය ලෙස වාර්තා පොත් අතරට එක්විය.
කොදෙව්වන් දැඩි පීඩනයකට ලක් කරමින් ශ්‍රී ලංකාව ගොඩනැගූ මෙම ඉනිම ක්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් විය.
නමුත් මෙම ඓතිහාසික දිනයේදී ක්‍රීඩා ලෝලීන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කළ සංවේදී සිදුවීමක්ද වාර්තා විය.
ඒ සිය මංගල ටෙස්ට් ශතකය අද්දර සොනාල් දිනූෂ අවාසනාවන්ත ලෙස දැවී යාමයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 92ක් ලබා සිටියදී සිය කඩුල්ල පූජා කළේ අගනා ශතකය සඳහා තවත් ලකුණු 8ක් පමණක් ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ යෝධ ලකුණු පුවරුව තරඟාවලියේ නව ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති අතර, කොදෙව්වන්ට දැන් මෙම ලකුණු 549ක දැවැන්ත ඉලක්කය විශාල අභියෝගයක් බවට පත්ව ඇත.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න