Menu

අවුරුදු 47 දී ත් ක්‍රිකට් ලෝකය හොල්ලන සුපිරි තරුවක්

89

වෘත්තීය ක්‍රීඩකයන්ගෙන් 99%ක්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන හෝ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන වයසකදී, තවමත් T20 ෆ්‍රැන්චයිස් පිටියේ අසමසම දක්ෂතා දක්වමින් සිය නාමය රන් අකුරින් ලිවීමට දකුණු අප්‍රිකානු හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් (Imran Tahir) සමත්ව සිටියි.

2026 ග්ලෝබල් සුපර් ලීග් (Global Super League) තරගාවලියේ අවසන් මහා තරගයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම හමුවේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 29කට බිඳ වැටුණු අතර, එහිදී පිත්තෙන් ක්‍රියාත්මක වූ නායක තාහීර් පන්දු 11කදී ලකුණු 11ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 85 දක්වා ඉහළ නැංවීමට සහය විය.

අනතුරුව ලකුණු 86ක පන්දු යැවීමේ පහසු ඉලක්කයක් හඹාගිය සැන් ෆ්‍රැන්සිස්කෝ පිල කඩුලු 4කට ලකුණු 56ක් ලබා සිටියදී, පිටියට පිවිසි තාහීර් එක පිට එක කඩුලු 2ක් බිඳ හෙලමින් ප්‍රතිවාදී ඉනිමේ කොඳුනාරටිය කඩා දැමීය. අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ ඉනිම ලකුණු 79කට සීමා කළ ගයානා කණ්ඩායම ලකුණු 6ක අදහාගත නොහැකි ඓතිහාසික ජයක් ලබමින් ශූරතාව හිමිකර ගත්තේය.

47 හැවිරිදි වියේ පසුවන තාහීර්, තරුණ ක්‍රීඩකයන් පරාජය කරමින් තවමත් පිටිය තුළ දක්වන මෙම සටන්කාමී නායකත්වය සහ උද්‍යෝගය සමස්ත ක්‍රිකට් ලෝකයේම මහත් පැසසුමට ලක්ව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *