Menu

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බෙන් ස්ටෝක්ස්ගෙන් නව වාර්තාවක්!මිල අධිකම ක්‍රීඩකයා වීමේ වැඩි ඉඩක්!

100

එංගලන්ත හිටපු ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) වාර්තාගත මුදලකට ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් (Big Bash League) ක්‍රිකට් තරගාවලිය සමග එක් වීමට සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ස්ටෝක්ස් තීරණය කර ඇති අතර, ඒ අනුව එළඹෙන 2026-27 බිග් බෑෂ් තරග වාරය සඳහා ක්‍රීඩා කිරීමට ඔහු කැමැත්ත පළ කර තිබේ.

වාර්තා වන අන්දමට බිග් බෑෂ් ලීග් කණ්ඩායමක් විසින් ඔහුව ඩොලර් 600,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 198ක් පමණ) දැවැන්ත මුදලකට ලබා ගැනීමට සූදානමින් සිටියි. මෙය සිදු වුවහොත් එය බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වෙනුවෙන් ගෙවනු ලබන ඉහළම මුදල ලෙස වාර්තා අතරට එක් වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *