Menu

“සල්ලි එපා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

98

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනතුරුව දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අගෝස්තු 23 වැනිදා සිට කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කරගැනීමේ සහ ක්‍රිකට් ලෝලීන්ට නිදහසේ තරග නැරඹීමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *