Menu

මෙවර LPL වල සිදු වූ හාස්‍යජනකම සිදුවීම- විස්තරය මෙන්න

208

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ අපූරු සිදුවීමක් පාකිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු ඉෆ්තිකාර් අහමඩ් (Iftikhar Ahmed) වටා වාර්තා වේ.

තරගාවලිය ආරම්භයේදී Dambulla Sixers කණ්ඩායම නියෝජනය කළ ඉෆ්තිකාර්, එම කණ්ඩායම මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් අනතුරුව වහාම Kandy Royals කණ්ඩායම හා එක්වීමට කටයුතු කළේය. කෙසේ වෙතත්, Kandy Royals කණ්ඩායමද එලිමිනේටර් (Eliminator) තරගයෙන් පරාජයට පත්වී තරගාවලියෙන් ඉවතට විසි විය.

ඒ අනුව දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එකම තරගාවලියක් තුළ කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින්, එම කණ්ඩායම් දෙකෙන්ම තරගාවලියෙන් ඉවතට විසි වීමට සිදුවීමේ අමුතුම අත්දැකීමට ඉෆ්තිකාර්ට මුහුණ දීමට සිදු විය. එකම තරගාවලියක් අතරතුර ක්‍රීඩකයෙකුට මෙලෙස කණ්ඩායම් මාරු කිරීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳවද මේ වන විට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *