ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී කිසිසේත්ම නොසිතූ ආකාරයේ ආන්දෝලනාත්මක තීරණයක් ගැනීමට තේරීම් කමිටුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
මෑත කාලයේ දේශීය තරග රටාව තුළ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් පසෙකලා දීර්ඝ කාලයකින් රතු පන්දු ක්‍රිකට් අංශයෙන් කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වා නොමැති නිරෝශන් දික්වැල්ල නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටි අංජල බණ්ඩාර, නිමාවට පත් වූ NSL තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවා. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම සමග පැවැති නිල නොවන ටෙස්ට් තරගාවලිය පුරාම අතිවිශිෂ්ට ලෙස ලකුණු අතර සිටීමටද ඔහුට හැකිවුණා. නමුත් ඉන්දියාවට එරෙහිව පැවැති පුහුණු තරගයේ ඉනිම් දෙකකදී පමණක් අසාර්ථක වීම මුල් කරගනිමින්, මාස ගණනාවක් පුරා ඔහු දැක්වූ කැපවීම සහ දක්ෂතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීම විශාල කතාබහකට ලක්ව තිබෙනවා.
අංජල බණ්ඩාර සතුව ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණවත් නැතැයි යමෙකු තර්ක කරන්නේ නම්, ඊළඟ ප්‍රමුඛතම ආදේශකය විය යුතුව තිබුණේ සදීර සමරවික්‍රමයි. මන්දයත් නිමාවූ NSL තරගාවලියේ සමස්ත වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් අංක 7 පිතිකරුවෙකු ලෙසත්, සාර්ථක කඩුලු රකින්නෙකු ලෙසත් තම දක්ෂතාව උපරිමයෙන්ම සනාථ කර තිබුණේ සදීරයි.
එවන් පසුබිමක, දේශීය තරගවලදී පවා සාර්ථක වී නැති සහ ජාතික කණ්ඩායමෙන් වසර ගණනාවක් පිටත සිටි නිරෝශන් දික්වැල්ල වැනි ක්‍රීඩකයෙකු සංචිතයට එක්කර ගැනීමට තරම් ඔහු පෙන්වා ඇති අභූත දක්ෂතාව කුමක්ද යන්න තවමත් රහසක්. දක්ෂතාවලට මුල් තැන නොදී අත්දැකීම්වලට පමණක් මුල් තැන දෙමින් තේරීම් කමිටුව ගත් මෙම තීරණය පිටුපස ඇති සැබෑ හේතුව කුමක්දැයි ක්‍රිකට් ලෝලීන් දැඩි කුතුහලයකින් පසුවනවා.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න