ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධීව හැසිරුණු Kranti Gaud ගේ විනය වාර්තාවට එකතු වූ අලුත්ම දඩුවම් ලකුණ
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම්ම අවසන් මහා තරගය අතරතුර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩිකා Kranti Gaud විසින් සිදුකරන ලද හැසිරීමක් හේතුවෙන් ඇයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ආරම්භක පිතිකාරිණී ඉමේෂා දුලානි දවා ගැනීමට සමත් වීමෙන් අනතුරුව ඇය දැක්වූ අතිශය ආන්දෝලනාත්මක කඩුලු සැමරුම මෙම පියවර ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
ඉමේෂා දුලානි දවා ගැනීමෙන් පසුව අතිශය ආවේගශීලී ලෙස හැසුරුණු Kranti Gaud, ඇයට නැවත ක්‍රීඩාගාරය දෙසට යන ලෙස අතින් සංඥා කරමින් අපහාසාත්මක අයුරින් අභියෝග කර සිටියා. මෙම විනය විරෝධී ක්‍රියාකලාපය තරග තීරකයින්ගේ දැඩි අවධානයට ලක්වූ අතර, ඒ අනුව ඇයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති සංග්‍රහය ක්‍රියාත්මක කරනු ලැබුවා.
අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය සෘජුවම උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කළ බවට ඇයට මෙහිදී නිල වශයෙන් චෝදනා එල්ල වුණා.
මෙම වරද වෙනුවෙන් දඬුවම් ලෙස Kranti Gaud හට හිමිවීමට තිබූ තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඇයගේ නිල විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රීඩාවේ ගෞරවයට හානි වන අයුරින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් උසිගැන්වීම හෝ අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කෙතරම් තදින් නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වන අතර, මෙම සිදුවීම මේ වන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත පළමු T20 තරගයට ප්‍රබල එංගලන්ත කණ්ඩායමක් නම් කරයි. සංචිතය මෙන්න
” මොනරාගල බට්ටි” චමුදි ප්රබෝධාගෙන් ඊයේ නව ලෝක වාර්තාවක්. විස්තරය මෙන්න
සොනාල් දිනූෂ ලෝක ක්‍රිකට් පිටියේ තැබූ නවතම වාර්තාව මෙන්න.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්