Menu

ඊයේ තරඟය පරාජයට ප්‍රධානම හේතු මෙන්න.

47

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ඉනිම අසරණ වෙයි!

මුල් පන්දුවාර 9 අවසානයේ ලකුණු 75ක් ලබා ගනිමින් යහපත් මට්ටමක පැවැති ශ්‍රී ලංකා ඉනිමට අවසානයේ සිදු වූයේ කුමක්ද? සුපුරුදු පරිදි පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 145/9කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.

එහිදී එංගලන්තය වෙනුවෙන් සෝනි බේකර් (Sonny Baker) පන්දුවාර 4කදී ලකුණු 15කට එක් විකට්ටුවක්ද, ලියාම් ඩෝසන් (Liam Dawson) ලකුණු 32කට විකට් 3ක්ද,
ජේමී ඕවර්ටන් (Jamie Overton) ලකුණු 23කට විකට් 2ක්ද

දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තදින්ම තර්ජනයක් එල්ල කළහ.
මෙම ඉනිමේ වඩාත්ම පුදුමය දනවන සිදුවීම වාර්තා වූයේ තරගයේ අවසාන භාගයේදීය. එනම්, අතේ විකට් 5ක්ම ඉතිරිව තිබියදීත් අවසන් පන්දුවාර 4 පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. මෙවැනි අකරතැබ්බයකින්
ඉනිම නිමා වීමට හේතු වූයේ කුමක්දැයි මේ වන විට ප්‍රේක්ෂකයින් අතර විශාල කුතුහලයක් සහ කතාබහක් නිර්මාණය වී තිබේ.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *