Menu

ශ්‍රී ලංකා තරගයේදී ජොස් බට්ලර් පිහිටුවූ විස්මිත T20 ලෝක වාර්තාව මෙන්න

92

T20 ක්‍රිකට් ඉතිහාසයේ කිසිවෙකුත් නොතැබූ අතිවිශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට එංගලන්තයේ සුපිරි පිතිකරු Jos Buttler සමත් වී තිබෙනවා.

තරග 528 කදී ඉනිම් 497 ක් පමණක් ක්‍රීඩා කරමින් මෙම විස්මිත ජයග්‍රහණය ලබාගත් ඔහු, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රබල ක්‍රීඩක Kieron Pollard තබා තිබූ ලකුණු 14,999 සීමාව පසුකර යාමට සමත් වුණා. ලකුණු 15,000 සීමාව පසුකළ ලොව එකම සහ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඔහු මෙසේ වාර්තා අතරට එක්වන්නේ සාමාන්‍යය 35.46 ක් සහ ප්‍රහාරාත්මක වේගය 147.46 ක් ලෙස පවත්වා ගනිමින්.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන T20 තරගයේදී ඔහු මෙම ඓතිහාසික කඩඉම පසු කළේය

මෙම අසමසම ගමන තුළ ශතක 9 ක් සහ අර්ධ ශතක 107 ක් රැස්කර ඇති මෙම ප්‍රහාරාත්මක පිතිකරු, හයේ පහර 659 ක් සහ හතරේ පහර 1,363 ක් එල්ල කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 16 කදී වේගවත් ලකුණු 30 ක් ලබාගනිමින් ඔහු මෙම ඓතිහාසික මයිල කණුව ස සටහන් කළා.

ලෝක පූජිත T20 තරගාවලි ගණනාවකම නියෝජනය කරමින් තැබූ මෙම දැවැන්ත වාර්තාවත් සමඟ ක්‍රිකට් පිටියේ නව රජු ලෙස තමන් කවුරුන්දැයි ඔහු නැවතත් මුළු ලෝකයටම ඔප්පු කර හමාරයි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *