Menu

චෝදනා රැසකට මැදි වූ ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව පොලිස් භාරයට. විස්තරය මෙන්න

126

ඉන්දීය ප්‍රේමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන 23 හැවිරිදි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් පොරෙල් බටහිර බෙංගාලයේ මොග්රා පොලිසිය විසින් Dum Dum ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කල්කටා මහාධිකරණය විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ බටහිර බෙංගාල පොලීසිය,

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව චින්සුරා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව දින 3ක කාලයක් සඳහා පොලිස් අත්අඩංගුවේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

කර්නාටක ප්‍රදේශයේ පදිංචි 3 වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක විසින් ඉකුත් ජූනි 23 වන දින කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ පැමිණිල්ලට අනුව 2023 වසරේ ජනවාරි මාසයේදී මොවුන් දෙදෙනා ප්‍රථම වරට හමුවී ඇති අතර, වසර 3 හමාරක කාලයක් පුරා පවත්වාගෙන ගිය සබඳතාව අතරතුර විවාහ වන බවට අසත්‍ය පොරොන්දු දී පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම, දැඩි ලෙස හිංසනයට ලක්කිරීම, නීති විරෝධී ලෙස සිරකර තැබීම සහ තර්ජනය කිරීම යන බරපතල චෝදනා රැසක් පොරෙල්ට එරෙහිව එල්ල වී ඇත.

විශේෂයෙන්ම 2026 අප්‍රේල් 2 වැනිදා දිල්ලියේ පිහිටි නිවසකදී අදාළ යුවතියව නීති විරෝධී ලෙස සිරකර තබමින් ආහාර පවා නොදී අමානුෂික ලෙස ශාරීරික වධහිංසා පමුණුවා ඇති බවත්,

ඉන් අනතුරුව ඇයට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදුවූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. තවද ඔවුන්ගේ පෞද්ගලික ඡායාරූප සහ දර්ශන පටිගත කර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇති බවටද අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අභිෂේක් පොරෙල් සැඟව සිටි අතර, පෞද්ගලික දර්ශන ඇතුළත් විද්‍යුත් උපකරණ සහ පෙන් ඩ්‍රයිව් විනාශ කිරීම හෝ ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා ජූලි 14 වන දින කල්කටා මහාධිකරණයේ විනිසුරු සෞගතා භටාචාර්ය මහතා විසින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

2023 වසරේ රිෂාබ් පාන්ට් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස IPL පිටියට පැමිණි අභිෂේක් පොරෙල් මෙලෙස අධිකරණ නියෝග හමුවේ කොටුවීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් නිර්මාණය කර ඇත.


නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *