ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් වමත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අද (13) සමත් විය.
විශේෂත්වය වන්නේ ‘ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය’ (අගෝස්තු 13) යෙදී ඇති අද දිනයේදීම ඔහු මෙලෙස ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථකම වමත් පන්දු යවන්නා බවට පත්වීමයි. බංග්ලාදේශයට එරෙහිව ඩාවින්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ෂඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගැනීමත් සමඟ ස්ටාර්ක් මෙම ඓතිහාසික කඩඉම පසුකළේය.
මෙම වාර්තාවේ ප්‍රධාන තොරතුරු මෙසේය:
- මිචෙල් ස්ටාර්ක්ගේ දක්ෂතාව: මේ වන විට තරග 105කට (ඉනිම් 202) ක්‍රීඩා කර ඇති ස්ටාර්ක්, ටෙස්ට් කඩුලු 434ක් දවාගෙන තිබේ.
- බිඳවැටුණු හේරත්ගේ වාර්තාව: ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තරග 93කදී (ඉනිම් 170) කඩුලු 433ක් දවාගනිමින් මෙතෙක් තබා තිබූ වාර්තාව ස්ටාර්ක් විසින් මෙලෙස බිඳහෙළන ලදී.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සටනේ , පළමු තරඟයම දැඩි අභියෝගයක්. විස්තරය මෙන්න
පකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව පිවිසි ආසියානු කුසලාන අවසන් මහා තරගයේ විස්තරය මෙන්න
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් ධනංජය ද සිල්වාට එරෙහිව හදිසි තීරණයක්
2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න