Menu

ඉන්දියාව හමුවේ ලැබූ අවමන් සහගත පරාජයට පසු පාකිස්ථාන පිළේ අලුත් සැලැස්ම මෙන්න.

91

ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ ලකුණු 61 කින් පරාජයට පත්වීමට පාකිස්ථානයට ඊයේ සිදු විය.

මෙම පරාජයත් සමඟ පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මොහොමඩ් යූසුෆ් සිය එක්ස් (X) ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට දැඩි විවේචනයක් එල්ල කර ඇත.

මොහොමඩ් යූසුෆ් පෙන්වා දෙන්නේ බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි සහ ෂඩබ් ඛාන් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ කාලය දැන් අවසන් වී ඇති බැවින් ඔවුන් කණ්ඩායමෙන් ඉවත්ව නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.

පාකිස්ථානයට අවශ්‍ය වන්නේ දුර්වල කණ්ඩායම්වලට එරෙහිව ලබාගන්නා හිස් ජයග්‍රහණ නොවන බව පවසන ඔහු, දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන්ට කඩිනමින් අවස්ථාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *