පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් උණුසුම්ම අදියර වන ‘සුපිරි අට’ දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තීරණාත්මක තරගය එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. දෙරටේ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් මෙම සටන එළඹෙන 22 වනදා පස්වරු 3:00 ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
එම දිනයම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් දැවැන්ත තරගයකින් වර්ණවත් වන අතර, සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ගැටුම එදිනම රාත්‍රී 7:00 ට ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට මෙම වටය අතිශය වැදගත් වන අතර, ඔවුන් මුහුණ දෙන සෙසු තරග දෙක ලබන 25 වැනිදා කොළඹදී සහ 28 වැනිදා යළිත් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි