බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 03කින් ජයගැනීමත් සමගයි.
බංග්ලාදේශයේ ශිල්හේට්හි ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා වුණා.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 87ක්.
ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණයි.
ඒ අනුව මෙම තරගයේ ලබා ගත් ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග ද ජයගෙන තිබූ නිසා තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා


2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි