ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සත්කාරකත්වයෙන් 2026 වසරේ ජූනි 11 වැනිදා ආරම්භ වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන ෆිෆා ආයතනයෙන් වාර්තා වේ.
ඔවුන්ගේ වෙබ් අඩවියේ ගෙවීම් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් 0 ක වටිනාකමට ප්‍රවේශ පත්‍ර නිකුත් වී ඇති අතර, ඒ හරහා නොමිලේ ප්‍රවේශ පත්‍ර ලබා ගත් ප්‍රේක්ෂකයින් 60 දෙනෙකුගේ ටිකට් පත් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ෆිෆා ආයතනය පියවර ගෙන ඇත. ඔවුන් එක්ස් ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ප්‍රේක්ෂකයින් 60 දෙනා වෙනුවෙන් එම ප්‍රවේශ පත්‍ර වෙන් කර ඇති බවත්, දින 7 ක් ඇතුළත නියමිත සම්පූර්ණ මුදල ගෙවා ඒවා ලබා ගත හැකි බවත්ය.
අදාළ දින 7 ක කාලය තුළ මුදල් නොගෙවන්නේ නම් එම වෙන් කිරීම් සම්පූර්ණයෙන්ම අවලංගු වනු ඇත. ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතීම පිළිබඳව ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වී ඇති පසුබිමක මෙවැනි දෝෂයක් වාර්තා වීම විශේෂත්වයකි. සිදුවූ පාරිභෝගික අපහසුතාවය සම්බන්ධයෙන් ෆිෆා ආයතනය සිය කණගාටුව පළ කර තිබේ.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t
