2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට ඇතුළත්ව සිටි යොවුන් ක්‍රීඩිකා සෂිනි ගිම්හානි ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇය වෙනුවට දකුණතින් මධ්‍යම වේගපන්දු යවන ක්‍රීඩිකා චේතනා විමුක්ති සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පුහුණුවීම් කටයුතු අතරතුරදී සෂිනි ගිම්හානිගේ කොන්දේ පහළ ප්‍රදේශයේ (Lower back) ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇයට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.
මේ හේතුවෙන් පසුගිය ජූනි 02 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ද සෂිනි ගිම්හානිට අවස්ථාව අහිමි වුණා. ඒ අනුව ඇය වෙනුවට ආදේශක ක්‍රීඩිකාව ලෙස චේතනා විමුක්තිව සංචිතයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පූර්ණ සංචිතය මෙන්න.
පුහුණු තරඟයක් වුවත්: පන්දු 44කින් එංගලන්ත Lions පිතිකරුවන් ශ්‍රී ලංකාව අසරණ කළ හැටි. විස්තරය මෙන්න
ඊයේ ලැබූ උද්වේගකර ජයග්රහනයෙන් පසු නායක චමරි මාධ්‍ය අමතමින් අවසන් මහා තරඟය ගැන කියු දේ මෙන්න
චෙල්ම්ස්ෆෝර්ඩ් සහ බෙක්න්හැම් හිදී පැවැත්වෙන T20 සටන් දෙකේදී ශ්‍රී ලංකාවට එල්ල වන තර්ජනය මෙන්න
ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 03 දෙනෙකු හදිසියේම කැඳවයි