Menu

ඉන්දීය ටෙස්ට් නායක‍යාගෙන් වහාම සිදුවූ අදහාගත නොහැකි වෙනස එංගලන්තයේදී සහ කොදෙව්වන්ට එරෙහි වෙයි.

0

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට නායකත්වය හිමිවීමත් සමග ඔහුගේ පෞද්ගලික දක්ෂතා කඩා වැටීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, ඉන්දීය යොවුන් පිතිකරු ශුබ්මන් ගිල් සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ එහි හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියයි.
ඉන්දීය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් ලෙස ඔහුව ටෙස්ට් නායකත්වයට පත් කිරීමෙන් පසු ඔහු පෙන්වන දක්ෂතා ලොවම මවිතයට පත් කර තිබේ. 2020 වසරේ ටෙස්ට් වරම් ලැබූ ගිල් 2024 දක්වා ටෙස්ට් ඉනිම් 59කට ක්‍රීඩා කරමින් ලබාගෙන තිබුණේ ශතක 5ක් පමණි. නමුත් පසුගිය එංගලන්ත සංචාරයේදී ඉන්දීය ටෙස්ට් නායකත්වය භාරගත් වහාම ඔහුගේ ක්‍රීඩා රටාව සම්පූර්ණයෙන්ම වෙනස් විය.

නායකයා ලෙස ඔහු මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් ඉනිම් 15ක් පමණක් වුවද, ඒ තුළ එක් ද්විත්ව ශතකයක් ද ඇතුළුව ටෙස්ට් ශතක 6ක් වාර්තා කිරීමට ඔහු සමත් වී ඇත.

එංගලන්තයේදී මෙන්ම කොදෙව් සංචාරයේදීත් විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහු, ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. වයස අවුරුදු 26ක් වන ශුබ්මන් ගිල් මේ වන විට ජාත්‍යන්තර ශතක 20කට හිමිකම් කියන අතර, එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් යන අංශ තුනෙන්ම සුවිශේෂී වාර්තා තබමින් ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ දැවැන්ත සලකුණක් බවට පත්වෙමින් සිටියි.

නොමිලේ ක්‍රීඩා පුවත් දැන ගැනීමට සම්බන්ධවන්න 
https://chat.whatsapp.com/FrsLYJeHXPI5egahxbywSQ?mode=gi_t

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *